About Lankasala

About Lankasala.com – ලංකාසල යනු කුමක්ද?

මෙය ශ්‍රී ලාංකික නිශ්පාදකයින් / වෙළෙන්දන්ට ප්‍රමුඛතාවය දෙන අන්තර්ජාල වෙළඳපොළකි,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශේෂයෙන් නිශ්පාදකයින් / විකුණුම්කරුවන් ප්‍රවර්ධනය හා විකිණුම් කටයුතු සඳහා ලංකාසල වේබ් අඩවිය  ප්‍රමුඛතාව ලබා දේ.

ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා අන්තර්ජාතික වෙළඳපොළට රැගෙන යාම  සඳහා ලංකාසල වේදිකාවක් වන්නට බලාපොරොත්තු වන අතර සංවර්ධනය, මානව හා පාරිසරික යහපැවැත්ම උදෙසා ලංකාසල සෑම විටම උසස්  තත්ත්වයේ, පරිසර හිතකාමී ප්‍රමිතිගත නිෂ්පාදන එහි පාරිභෝගිකයින්ට  ලබා දීමට බලාපොරොත්තු වෙන්නෙමු.

Lankasala.com සමගින් ඔබේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිලාභ
අන්තර්ජාලය සහ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ව්‍යාප්තිය
මිනිසුන් සමාජීයව කටයුතු කරන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ. සමාජ මාධ්‍ය මෙවලම් වේගයෙන් පාරිභෝගික සේවා වේදිකා (online customer service platforms) බවට පත්වෙමින් තිබේ. මෙම ක්‍රියාව සඳහා දායක වෙමින් අපගේ වටිනා ව්‍යාපාරික හවුල්කරුවන් වන දේශීය නිෂ්පාදකයින් හා දෙස් – විදෙස් පාරිභෝගිකයන් සඳහා මෙම පහසුකම ලබාදීමට lankasala.com දැන්සූදානම්.
lankasala.com හි අපගේ ප්‍රධානතම අරමුණු වනුයේ දේශීය ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට අත්වැලක් වෙමින් ඔවුන් සඳහා නුතන ඊ-වානිජ්‍ය, සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ තිරසාර වෙළදපොලක් ගොඩනැගීමයි.

එනම් lankasala.com යනු දේශීය ව්‍යවසායකයන්ගේ අන්තර්ජාතික වෙළදපොලයි. සමාජ අලෙවිකරණය පිළිබඳ අපගේ විශේෂ භාවය ඔබගේ අලවිකරණ හා ප්‍රචාරණ කටයුතු සඳහා හොඳම විසඳුමක වනු ඇත. අපි ප්‍රමුකවම ඔබේ ව්‍යාපාරය පිළිබඳව දැනුවත් කිරීම්, ප්‍රචාරණයන් සිදු කරන අතර ඊ-වාණිජ්‍යය, සමාජ මාධ්‍ය ජාල සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (SEO) හරහා ඔබේ ආයතනය, නිෂ්පාදන හා සේවා විශාල පාරිභෝගික පිරිසකට ප්‍රචාරය කරනු ඇති අතර ඒ ඔස්සේ ඔබේ ව්‍යාපාරයට නිවැරදි දිශාවට ගමන් කිරීමට උදව් කරන්නෙමු.


ඔබේ ව්‍යාපාරය සඳහා lankasala.com භාවිතා කිරීමෙන් බොහෝ වාසි ලබාගත හැක.
* වෙළඳ නාමකරණය හා අලවි ප්‍රවර්ධනය
* අවම ප්‍රචාරණ හා අලවිකරණ වියදම්
* වඩා ඉහල පාරිභෝගික සේවය ලබාදීම
* කාර්යක්ෂම පාරිභෝගික ප්‍රතිපෝෂණය (ප්‍රතිචාර ලබාදීම)
* වෙළදපොල සමීක්ෂණ පහසුකම් (market surveys)
* වෙළදපොල දත්ත හා වාර්තා (market statics)
* අවම අවදානම
* මගපෙන්වීම් හා උපදේශනයන්
* වෙනත් වෘත්තීය සහයන් (Product Photography, Graphic Designs, Videos, Web Development)
ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වයට අත්වැලක් වන්නට අපි සූදානම්.. ඔබත්
සූදානම්ද ?

ලියාපදිංචිය සඳහා
* අදාළ අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීම. 
https://www.lankasala.com/my-account/

ගාස්තු සහ අයකිරීම්
ඔබගේ සේවා හා භාණ්ඩ විකුණා ගැනීම සදහා නොමිලේ Online Shop එකක් සැපයෙන අතර ලංකාසල මගින් විකුණන සෑම භාණ්ඩයක් සදහා 10% ක ගාස්තුවක් අයකරනු ලැඛේ.

Registration Benefits

Online Selling / Directory service / Facebook Promotions / Advertisements